සයිබර් අවකාශයේ " නිල් අහසට " සාදරයෙන් පිලි ගනිමි.

Friday, May 21, 2010

~~ආදරණිය සුදු~~
නික්ම ගියත් ඔබ සමුගෙන
මගේ ලොවින්
අදත් කදුලු සැලුවා මා
නුඹෙ නමින්............
පිදුවෙ සෙනෙහෙ නිකැලැල්
මා සොදුරු හදින්
තනිකම ලැගුමි ගෙන ඇත
මා සමග ඉතින්........
ආදර කදුලු ඇයි මෙලෙසින්
නෙතු රිදවන්නේ
ආදර මතකයන් ඇයි
අමතක නොවෙන්නේ
දිවියම මතකයන් ඇයි
අමතක නොවෙන්නේ
දිවියම එපා වි කදුලැලි සලන්නේ
එනමුත් නුඹෙ සෙනෙහසමයි
මා පතන්නේ..........................

Friday, April 30, 2010









වෙන්විමට පෙර ....


නුඹ මට දුන්න සෙනෙහස

හදවත රන්දා
නුඹ නැති දුකට වැටෙනා

කදුලැලි හංගා

අද මම යන්නේ
යන්නට
වෙන හන්දා
තිස්තුන් කෝටියක් දෙවියන්

දවස පුරා

මගේ ආදරය රැකදේවා

ඒ හන්දා....................